ශ්‍රී ලංකාව 4-0ක් ලෙස පෙරමුණ ගනියි

Date:

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ද එක් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(23) සමත් වුණා.

රංගිරි දඹුල්ල ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 224 ක් රැස් කළා.

SM Meherob හා Ariful Islam පිළිවෙලින් ලකුණු 52ක් හා 50ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 45කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(225/9)

රවීන් ද සිල්වා ලකුණු 88ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන්නා.

පන්දු යැවිමේ දී Mushfik Hasan කඩුලු 3ක් බිද හෙලුවා.

ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 4-0ක් ලෙස පෙරමුණ ගැනීමට මේ වන විට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...