ස්කොට්ලන්තය පළමු වරට ලෝක කුසලානයක දෙවැනි වටයට සුදුසුකම් ලබයි

Date:

මෙවර පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට ස්කොට්ලන්තය අද(21) සමත් වුණා.

ඒ, තරගාවලියේ 10 වැනි තරඟයෙන් ඕමානය කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

ඒ අනුව දුලිප් මෙන්ඩිස් මහතා පුහුණුකාරිත්වය දරන සම සත්කාරක ඕමාන් කණ්ඩායමට මෙවර තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

B කාණ්ඩයෙන් සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වන්නේ බංග්ලාදේශයයි.

පැපුවා නිව් ගිනියාවට ද තරගාවලියෙන් ඉවත්වීමට අද පස්වරුවේ සිදු වුණා.

A කාණ්ඩයෙන් මේ වන විටත් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ඇති අතර, හෙට(22) පැවැත්වෙන අයර්ලන්තය සහ නැමීබියාව අතර තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව සමගින් සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගනු ඇති.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ අද පැවති තරගයේ කාසිය වාසිය දිනු ඕමානය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 122ක් පමණයි.

Aqib Ilyas ලකුණු 37ක් ද, නායක Zeeshan Maqsood ලකුණු 34ක් ද රැස් කළා. Mohammad Nadeem ලකුණු 25යි.

පන්දු යැවීමේ දී Josh Davey කඩුලු 3ක් දවා ගත් අතර, Safyaan Sharif හා Michael Leask කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තය පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කළා.

නායක Kyle Coetzer ලකුණු 41ක් රැස් කළ අතර, Richie Berrington නොදැවී ලකුණු 31ක් හා Matthew Cross නොදැවී ලකුණු 26ක් ලබා ගත්තා.

මෙය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී ස්කොට්ලන්තය දෙවැනි වටයක් සදහා සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

ස්කොට්ලන්තය මෙවර තරගාවලියේ පළමු වටයේ දී ක්‍රීඩා කළ තරග 3ම ජය ගත් බැවින් ඔවුන් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද හිමි කර ගත්තා.

බංග්ලාදේශයට හිමිවූයේ දෙවැනි ස්ථානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...