උඩ පන්දු රැක ගැනීමෙන් ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දී 7 වැනි තැනට ඇද වැටෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් සුපිරි 12 වටයේ ස්ථානයක් හිමි කර ගෙන අවසන්.

පළමු වටයේ පළමු තරග දෙකේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා මෙන්ම මැදපෙල පිතිකරුවන්ගේ දක්ෂතා කැපී පෙනුණා.

කෙසේ වෙතත්, තරගාවලියේ ඉදිරියට යාමේ දී මුල්පෙල පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට පිළියමක් සොයා ගැනීම මෙන්ම පන්දු රැකීම තවදුරටත් ඉහළ මට්ටමකට ගෙන ඒමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වනු ඇති.

තරගාවලියේ පළමු තරග දෙකේ දී ම ශ්‍රී ලංකා මුල්පෙල අසාර්ථක වූ අතර, උඩ පන්දු කිහිපයක් ද ගිලිහී ගියා.

පළමු තරග දෙකේදී පමණක් ශ්‍රී ලංකාවට ගිලිහී ගොස් ඇති උඩ පන්දු සංඛ්‍යාව 6ක්.

ලද අවස්ථා 14කින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් උඩ පන්දු ලෙස අවස්ථා 8ක් සාර්ථක ලෙස රැක ගෙන තිබෙනවා.

තරගාවලියේ 9 වැනි තරගය ක්‍රියාත්මක වන විට ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ උඩ පන්දු රැක ගැනීම් අතින් ප්‍රතිශතය අනුව රැදී සිටියේ 7 වැනි ස්ථානයේයි.

ලද අවස්ථා තුළින් ශ්‍රී ලංකාව සාර්ථක ලෙස රැක ගත් උඩ පන්දු ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සටහන්ව ඇත්තේ 57%ක් ලෙසයි.

අයර්ලන්තය ලද අවස්ථා 9කින් උඩ පන්දු 8ක් සාර්ථකව රැක ගෙන ඇති අතර, ගිලිහී ගොස් ඇත්තේ එක් උඩ පන්දුවක් පමණයි.

ඒ අනුව ඔවුන්ට ප්‍රතිශතය අනුව පළමු ස්ථානය මෙවර තරගාවලියේ දී මෙතෙක් දක්වා ඇති දක්ෂතා අනුව හිමිව තිබෙනවා.

ඒ, 89%ක ප්‍රතිශතයකට හිමිකම් කියමින්.

ඕමානය අවස්ථා 15කින් උඩ පන්දු 12ක් සාර්ථක ලෙස රැක ගෙන ඇති අතර, ඔවුන්ගේ උඩ පන්දු සාර්ථකව රැක ගැනීමේ ප්‍රතිශතය සටහන්වන්නේ 80%ක් ලෙසයි.

ස්කොට්ලන්තය, නෙදර්ලන්තය හා පැපුවා නිව් ගිනියාවට 75%ක ප්‍රතිශතයක් බැගින් හිමිව තිබෙනවා.

බංග්ලාදේශයේ ප්‍රතිශතය සටහන් වන්නේ 71%ක් ලෙසයි.

නැමීබියාව මෙම ලේඛනයේ අවසන් ස්ථානයේ පසුවන්නේ 56%ක ප්‍රතිශතයක් සමගින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...