බංග්ලාදේශය සුපිරි 12 වටයට; පැපුවා නිව් ගිනියාව තරගාවලියෙන් ඉවතට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට B කාණ්ඩයෙන් සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත් වීමට බංග්ලාදේශය අද(21) සමත් වුණා.

ඒ, තරගාවලියේ 9 වැනි තරගයෙන් පැපුවා නිව් ගිනියා කණ්ඩායම ලකුණු 84කින් පරාජයට පත් කරමින්.

සුපිරි 12 වටයේ ස්ථානයක් තහවුරු කර ගැනීමට නම් බංග්ලාදේශයට මෙම තරගයෙන් අවම වශයෙන් ලකුණු 3ක ජයග්‍රහනයක් වාර්තා කිරීම ප්‍රමාණවත් වුණා.

ඒ අනුව අද රාත්‍රියේ පැවැත්වෙන ඕමාන – ස්කොට්ලන්ත තරගයේ ප්‍රතිපලය කුමක් වුවත්, බංග්ලාදේශයට සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට මේ වන විට අවස්ථාව හිමිව තිබෙනවා.

එම තරගයෙන් ඕමානය ජය ගතහොත් ඕමානය, ස්කොට්ලන්තය හා බංග්ලාදේශය යන කණ්ඩායම් තුනේම ප්‍රසාද ලකුණු ප්‍රමාණය 4ක් ලෙස සමාන තත්ත්වයට පත් වනවා.

අනතුරුව දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුවයි B කාණ්ඩයේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් දෙක තෝරා ගැනීමට සිදු වන්නේ.

නමුත්, බංග්ලාදේශයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මේ වන විට ඉහළ මට්ටමකට පැමිණ ඇති බැවින් ඔවුන්ට අනිවාර්යයෙන්ම පළමු ස්ථාන දෙකෙන් එකක් හිමි වනු ඇති. ඒ හේතුවෙනුයි බංග්ලාදේශය සුපිරි 12 වටයට මේ වන විටත් සුදුසුකම් ලබා ඇත්තේ.

අද තරගයෙන් පරාජයට පත් වීමත් සමග පැපුවා නිව් ගිනියාවට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

පැපුවා නිව් ගිනියාවට සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් බංග්ලාදේශයට එරෙහි මෙම තරගය ඔවුන් ලකුණු 45කින් පමණ ජය ගත යුතුව තිබුණා.

එමෙන්ම ඕමානය ද ස්කොට්ලන්තය හමුවේ ලකුණු 45කින් පමණ පරාජයට පත් වුවහොත් පමණයි පැපුවා නිව් ගිනියාවට ඊළග වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා යම් බලාපොරොත්තුවක් තබා ගත හැකිව තිබුණේ.

  • BAN 181/7 (20)

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 181ක් රැස් කළා.

නායක මහ්මුදුල්ලාහ් පන්දු 28කින් වේගවත් ලකුණු 50ක් ලබා ගත්තේ හයේ පහර 3කින් හා හතරේ පහර 3ක් සමගින්.

ශකිබ් අල් හසාන් ලකුණු 46ක් හා ලිටොන් දාස් ලකුණු 29ක් රැස් කළා.

අෆිෆ් හුසේන් ලකුණු 21ක් ද, මොහොමඩ් සයිෆුදීන් පන්දු 6කින් නොදැවී වේගවත් ලකුණු 19ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Kabua Morea, Damien Ravu හා Assad Vala කඩුලු 2 බැගින් බිද හෙලුවා.

  • PNG 97 (19.3)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවා නිව් ගිනියාවට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

අංක 8 පිතිකරු Kiplin Doriga නොදැවී ලකුණු 46ක් ලබා ගත් අතර, Chad Soper ලකුණු 11කට දැවී ගියා.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සිමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ශකිබ් අල් හසාන් ලකුණු 9කට බිද හෙලූ කඩුලු ගණන 4ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...