ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා, පුහුණුකරු ඇතුළු ප්‍රධාන තනතුරු නිවේදනය කෙරේ

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ඇතුළු තනතුරු කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු අද(21) නිවේදනය කෙරුණා.

ඒ අනුව පළමු අදියරේ දී ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා, දෙවැනි අදියරේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නායකයා ලෙසම කටයුතු කරනු ඇති.

පළමු අදියරේ දී කණ්ඩායමේ පුහුණුකරු වූ තිළිණ කන්ඩම්බි මහතා කිංග්ස් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

කණ්ඩායමේ ක්‍රිකට් අධක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ගනේෂන් වහීසන් මහතායි.

සාරංග විජයරත්න මහතා අලෙවිකරණ හා සන්නිවේදන අධක්ෂකවරයා ලෙස කටයුතු කරනු ඇති.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සමාරම්භක තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායම වන යාපනය කණ්ඩායමේ හිමිකාරීත්වයේ වෙනසක් පසුගියදා සිදු වූ අතර, ඒ අනුව නව හිමිකරු ලෙස මේ වන විට කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ උපත ලැබූ බ්‍රිතාන්‍ය ව්‍යවසායකයෙකු වන අලිරාජා සුබාස්කරන් මහතායි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...