එංගලන්තය ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පියවරක් ඉදිරියට

Date:

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට එංගලන්තය සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ඔවුන් ලැබූ ලකුණු 113ක ජයත් සමගින්.

ඒ අනුව මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ නවසීලන්තයට මේ වන විට හිමිව ඇත්තේ සිව්වන ස්ථානයයි.

එංගලන්තයට ප්‍රසාද ලකුණු 186ක් හිමිව ඇති අතර, නවසීලන්තය ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 180ක්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

තරග 9කට ක්‍රීඩා කර තරග 7ක් ජය ගෙන ඇති ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 360ක්.

ප්‍රසාද ලකුණු 296කට හිමිකම් කියන ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට මෙහි හිමිව ඇත්තේ 6 වන ස්ථානයයි.

ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...