නැමීබියාව ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ජය ලබයි

Date:

ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට නැමීබියාව අද(20) සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත්වන තරඟයෙන් නෙදර්ලන්තය කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

අබුඩාබි හි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනූ නැමීබියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්තය පන්දුවාර 20 නිමා කළේ කඩුලු 4ක් දැවී ලකුණු 164 ක් ලබා ගනිමින්.

ආරම්භක පිතිකරු Max O’Dowd ලකුණු 70 කට දුවද්දී දැවී ගියා. Colin Ackermann ලකුණු 35යි.

පන්දු යැවීමේදී Jan Frylinck කඩුලු 2ක් හා ඩේවිඩ් වීසා එක් කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාව පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

ඩේවිඩ් වීසා පන්දු 40කින් නොදැවී ලකුණු 66 රැස් කළා. ඔහුගේ ඉනිම හයේ පහර 5කින් සහ හතරේ පහර 4කින් වර්ණවත් වුණා.

නායක Gerhard Erasmus ලකුණු 32යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...