ඩැනියල්ගේ සටන්කාමී ඉනිම ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් ගෙනෙයි

Date:

සංචාරක බංගලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(20) සමත් වුණා.

ඒ, කණ්ඩායම් දෙක අතර පැවති තෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමඟයි.

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ලකුණු 184 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණේ පන්දුවාර 49.3කදී යි.

බංග්ලාදේශ ඉනිමේ කඩුලු අටක් ලකුණු 107ක දී බිඳ වැටුණා. කෙසේ වෙතත්, අනතුරුව අංක 9 පිතිකරු Ashikur Zaman නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් බංග්ලාදේශය ගෞරවාන්විත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේදී විනුජ රන්පුල් සහ රවින් ද සිල්වා කඩුලු 3 බැගින් බිඳ හෙලූ අතර වනුජ සහන් කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම් කඩුලු හතක් ලකුණු 122ක් තුළ බිඳ වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද යම් සැකයක් ඉතිරි කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව ෂෙවෝන් ඩැනියල් සහ වනුජ සහන් 8 වන කඩුල්ලට නොබිඳුණු ලකුණු 66 ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ඩැනියෙල් නොදැවී ලකුණු 85 සහ සහන් නොදැවී ලකුණු 38 ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 46.4ක් අවසානයේ කඩුලු 7ක් දැවී සිටියදීයි.

බංග්ලාදේශය වෙනුවෙන් මුෂ්ෆික් හසාන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...