බංග්ලාදේශය සුපිරි 12 වටයේ බලාපොරොත්තු රදවා ගනියි

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට බංගලාදේශය අද සමත් වුණා.

ඒ මෙවර තරගාවලියේ හයවෙනි තරගයෙන් සම සත්කාරක ඕමානය ලකුණු 26 කින් පරාජයට පත් කිරීමත් සමගයි.

ඕමාන ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

ආරම්භක පිතිකරු මොහොමඩ් නයීම් පන්දු පනහකින් ලකුණු 64 ක් රැස්කළා. ඒ හයේ පහර 4 ක් සහ හතරේ පහර තුනකින්.

ශකිබ් අල් හසාන් පන්දු 29 කින් ලකුණු 42 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට හතරේ පහර හයක් ඇතුළත්.

නායක මහ්මුදුල්ලා ලකුණු 17යි. වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසුකර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේදී ඕමානය වෙනුවෙන් Bilal Khan ලකුණු 18 කට කඩුලු 3 ක් සහ Fayyaz Butt ලකුණු 30 කට කඩුලු තුනක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානයට පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 127ක් පමණයි.

Jatinder Singh ලකුණු 40ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මුස්ටර්ෆිසුර් රෙහ්මාන් ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තා.

ශකිබ් අල් හසාන් ලකුණු 28කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

මෙම තරගයෙන් බංග්ලාදේශය පරාජයට පත් වූයේ නම් මෙවර තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු අත්හැරීමට ඔවුන්ට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...