පන්දු 4කින් කඩුලු 4ක් දවා ගනිමින් කර්ටිස් කැම්පර් මාලිංගගේ ලෝක වාර්තාව සම කරයි

Date:

20යි 20 තරගයකදී අඛණ්ඩව පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත් වීමට අයර්ලන්තයේ කර්ටිස් කැම්පර් (Curtis Campher) අද(18) සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ නෙදර්ලන්තයට එරෙහිව අද ආරම්භ වූ තරගයේ දී යි.

තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඔවුන්ගේ ඉනිමේ 10 වැනි පන්දුවාරය යොමු කළ Curtis Campher එම පන්දුවාරයේ 2, 3, 4 හා 5 පන්දුවලදී පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් මෙම දුර්ලභ ලෝක වාර්තාව සම කරනු ලැබුවා.

ඔහුගේ පන්දු හමුවේ පිළිවෙලින් දැවී ගියේ Colin Ackermann(11), Ryan ten Doeschate(0), Scott Edwards(0) හා Roelof van der Merwe(0) යන නෙදර්ලන්ත පිතිකරුවන්.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී අඛණ්ඩව පන්දු 4කින් කඩුලු 4ක් දවා ගත් පළමු පන්දු යවන්නා ලෙසයි කර්ටිස් කැම්පර් ඉතිහාසගත වුණේ.

මීට පෙර අඛණ්ඩව පන්දු 4කින් කඩුලු 4ක් දවා ගැනීමට 20යි 20 පිටියේ දී සමත්ව තිබුණේ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග හා ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් පමණයි.

ඔවුන් දෙදෙනාම 2019 වසරේ දී එම දක්ෂතාවය දක්වා තිබුණා.

මාලිංග විසින් නවසීලන්තයට එරෙහිවත්, රෂීඩ් විසින් අයර්ලන්තයට එරෙහිවත් එම දක්ෂතාවය දක්වනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...