බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණක තියුණු ජයක්

Date:

සංචාරක බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද(18) සමත් වුණා.

රංගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 228ක් ලබා ගත්තා.

සධීෂ් ජයවර්ධන ලකුණු 58 ක් ද පවන් පතිරාජ ලකුණු 51ක් ද වාර්තා කළා. ශෙවොන් ඩැනියල් ලකුණු 34යි.

පන්දු යැවීමේදී Ripon Mondol කඩුලු 3ක් ද, Ashikur Zaman කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට පන්දුවාර 49.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

Mahfijul Islam ලකුණු 75ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ හා මතීෂ පතිරණ කඩුලු 3 බැගින් දවා ගත්තා. ට්‍රෙවීන් මැතිව් ද කඩුලු 2ක් බිද හෙලුවා.

තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දු වාරයේදී ලකුණු 8ක් ලබා ගැනීමට බංග්ලාදේශයට අවශ්‍ය වුණා. එම පන්දුවාරයේ පළමු පන්දුවටම හතරේ පහරක් ද එල්ල කිරීමට බංග්ලාදේශය සමත් වුණා.

කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී බංග්ලාදේශයේ අංක 11 පිතිකරු වූ Ripon Mondol දුවද්දී දැවී යාමකට හමු වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එක් ලකුණක තියුණු ජයක් මෙම තරගයෙන් හිමි වුණා.

ඒ අනුව තරග 5කින් යුත් එක්දින තරඟාවලිය මේ වන විට තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...