“මහේලගේ දත්ත විශ්ලේෂණයට අනුවයි අවිශ්කට අලුත් තැන ලැබුණේ” : මිකී ආතර්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ අවිශ්ක ප්‍රනාන්දුට අංක 04 පිතිකරණ ස්ථානය ලබා දීමේ තීරණය පිටුපස සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක, හිටපු නායක මහේල ජයවර්ධන මහතා බව පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(18) දිනයේ දී මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ සිය පළමු තරගයට ක්‍රීඩා කරන අතර, ඊට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් මිකී ආතර් මේ බව අනාවරණය කළා.

එක්දින පිටියේදී ආරම්භක පිතිකරුවකු ලෙස අවිශ්ක ප්‍රනාන්දු සාර්ථක වී සිටිය ද, විස්සයි විස්ස පිටියේදි ඔහු එතරම් සාර්ථකත්වයක් දැක් වූයේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ අවසන් 20යි 20 තරග කිහිපයේදී අවිශ්ක පිතිකරණයේ නිරත වූයේ අංක 4 ස්ථානයේ යි.

සිය නවතම පිතිකරණ ස්ථානයේ ඔහු වඩාත් සාර්ථකව පිතිහරඹයේ නිරත වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ඉනිම් කිහිපයක් ද ගොඩ නැගීමට අවිශ්ක සමත් වුණා.

ලෝක කුසලාන තරගාවලියේ දී ද අවිශ්ක අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට නියමිතයි.

අවිශ්ක ප්‍රනාන්දුගේ පිතිකරණ දත්ත වාර්තා විශ්ලේෂණය කිරීමෙන් පසුව ඔහුව අංක 4 ස්ථානයට ගෙන ඒමට මහේල ජයවර්ධන තීරණය කළ බවයි මිකී ආතර් පෙන්වා දුන්නේ.

අවිශ්ක ප්‍රනාන්දු පිටියේ ස්ථාවර වීමට පන්දු 10 ක් 15 ක් පමණ වැය කරන බවත්, එබැවින් ඔහු අංක 04 පිතිකරණ ස්ථානයට සුදුසු බවට මහේල තීරණය කළ බවත් ශ්‍රී ලංකා පුහුණුකරු සදහන් කළා.

අංක 4 ස්ථානයේ පන්දුවට පහර දෙන විට බොහෝ විට අවිශ්කට පන්දුවට පහර දීමට සිදු වන්නේ පවර් ප්ලේ අවස්ථාවෙන් පසුවයි.

එම අවස්ථාවේ දී අවිශ්කට සංයමයකින් යුතුව ඉනිම ආරම්භ කිරීමේ හැකියාව පවතින බව මිකී ආතර් පෙන්වා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...