එංගලන්ත සංචාරයට බෑ කියූ මොහොමඩ් අමීර් දැන් හා කියයි

Date:

එංගලන්ත තරග සංචාරයට එක්වීම මීට පෙර ප්‍රතික්ෂේප කළ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් මේ වන විට පාකිස්තාන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට එක්වීමට කැමැත්ත පල කර තිබෙනවා.

සිය බිරිද දෙවන දරු උපත වෙනුවෙන් සූදානම් වීම හේතුවෙනුයි මීට පෙර අමීර් එංගලන්ත තරග සංචාරයට එක්නොවීමට තීරණය කර තිබුණේ.

කෙසේ වෙතත්, මීට දින කිහිපයකට පෙර ඔහුගේ බිරිද දෙවන දරු ප්‍රසූතිය සිදු කර ඇති බවත්, එබැවින් එංගලන්ත තරග සංචාරයට එක් වීමට තමන් සූදානම් බවත් මොහොමඩ් අමීර් එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බව සදහන්.

සංචිතය හා එක්වීමටනම් ඔහුට කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කරන වෛද්‍ය පරීක්ෂණ දෙකකින් සමත් වීමට සිදු වනවා.

පාකිස්තාන සංචාරයට එක්වීමට මෙතෙක් සූදානමින් සිටි හැරිස් රවුෆ් යළිත් කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගෙන ඇති අතර, ඒ අනුව ඔහු වෙනුවට මොහොමඩ් අමීර් සංචිතයට නම් කරනු ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

හැරිස් රවුෆ් කොරෝනා සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ 6කට මුහුණ දී ඇති අතර, ඉන් 5කින්ම ඔහුගේ ශරීරයේ කොරෝනා වෛරසය පවතින බවට තහවුරු වී තිබෙනවා.

මොහොමඩ් අමීර් මේ වන විට ටෙස්ට් පිටියට සමු දී ඇති බැවින් දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය සදහා පමණක් ඔහු එක් වනු ඇති.

එංගලන්ත තරග සංචාරයට එක්වීම සදහා පාකිස්තාන ක්‍රීඩකයින් කොටස් 3ක් වශයෙන් මීට පෙර පාකිස්තානයෙන් පිටත්ව ගියා.

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ලබන 05 වනදා ආරම්භ වන අතර, තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අගෝස්තු 28, 30 සහ සැප්තැම්බර් පළමු වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...