“හොදම සේවා පරිසරයන්ගෙන් එකක් තමයි එහෙ” – චන්දික හතුරුසිංහ

Date:

තමා සේවය කර ඇති ස්ථානවලින් හොදම සේවා පරිසරයක් ඇති ස්ථානයක් ලෙස ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම හැදින්විය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.

එම කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස පත්වීම් ලැබීමෙන් පසුව අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ චන්දික හතුරුසිංහ මහතා මීට පෙර ද ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස 2011 වසරේ සිට කටයුතු කර තිබුණා.

“හොදම දෙයනම් නිව් සවුත් වේල්ස් කණ්ඩායම තුළින් දක්ෂතා සහිත ක්‍රීඩකයින් රැසක් නිතරම බිහි වීමයි.”

යනුවෙන් ඔහු සහන් කළා.

“මම අවසන් වරට සේවය කළ අවස්ථාවේ දී ස්ථාවර ක්‍රීඩකයින් වූ මයිකල් ක්ලාක්, බ්‍රැඩ් හැඩින් සහ ෂේන් වොට්සන් වැනි අයගෙන් සංස්කෘතිය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපිට හිටිය ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර්, පීටර් නෙවිල්, මොයිසස් හෙන්රික්ස් සහ කර්ටිස් පැටර්සන් (Kurtis Patterson) වැනි ඉහළම ගෞරව ලැබීම දක්වා ගිය තරුණ ක්‍රීඩකයන්.”

“ජාත්‍යන්තර මට්ටමේ දී පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීම තුළින් මගේ ක්‍රමවේද පිළිබද මට විශාල විශ්වාසයක් ලබා දුන්නා. මම ඒ අත්දැකීම් නිව් සවුත් වේල්ස් කණ්ඩායමත් එක්ක බෙදා ගන්න සූදානම්”

චන්දික හතුරුසිංහ මහතා 1991 – 1999 අතර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහ එක්දින තරග 35කට ක්‍රීඩා කර තිබුණා.

බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළ ඔහු 2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණු නමුත් චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය ජනවාරි මාසයේ දී කටයුතු කළා.

කෙසේ වෙතත්, ඊට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඔහුගේ ධූරය අත්හිටුවීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...