ඉන්දීය නව ප්‍රධාන පුහුණුකරු ධූරය ඩ්‍රාවිඩ්ට

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමට ඉන්දීය හිටපු ක්‍රිකට් නායක රාහුල් ඩ්‍රාවිඩ් සිය කැමැත්ත පළ කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය පැවැති ඊයේ දිනයේ දී ඩුබායි හී දී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි.

ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි, ලේකම් ජයි ශාහ් සහ රාහුල් ඩ්‍රාවිඩ් අතර පැවැති එම සාකච්ඡාවේ දී අදාළ එකඟතාවයන්ට එළඹ ඇති බව සදහන්.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසුව වත්මන් පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ ධුර කාලය නිමා වන අතර, ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ඩ්‍රාවිඩ් පත් වනු ඇති.

ඩ්‍රාවිඩ් මේ වන විට ජාතික ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධානියා ලෙසයි කටයුතු කරන්නේ.

ඔහු ඉදිරියේ දී එම ධුරයෙන් ඉල්ලා අස්වී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමට කටයුතු කරනු ඇති බවත්, ඉන්දීය රුපියල් කෝටි 10 ක වැටුපක් යටතේ වසර දෙකක කොන්ත්‍රාත්තුවක් ඔහුට ලැබෙනු ඇති බවත්, ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...