“මෙය ඔහුගේම තරඟාවලියක් බවට පත් කර ගනීවි කියලා මම විශ්වාස කරනවා” : දසුන්

Date:

ශ්‍රී ලංකා නවක ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දක්වනු ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

හෙට(17) ආරම්භ වන 20යි 20 ලෝක කුසලානය සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පැතුම් නිස්සංක මෙම තරඟාවලිය ඔහුගේම තරඟාවලියක් බවට පත් කර ගනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිතාවයක් නැහැ.

පසුගිය තරඟ 4 තුළ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම යුගල 3ක් විසින් සිදු කළා.

එහිදී පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා හා ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන් ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගැනීමටයි පියවර ගැණුනේ.

අත්දැකීම් බහුල ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාගේ ස්ථානය බොහෝ දුරට ස්ථාවර යැයි සිතිය හැකියි.

නමුත්, ඔහුගේ අනෙක් ආරම්භක සගයා කවුරුන් දැයි මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි නමුත්, පැතුම් නිස්සංක බොහෝ විට ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට ඉඩ ඇති බවක් දක්නට ලැබෙනවා.

“අපේ පිතිකරණ අනුපිළිවෙල ස්ථාවරවෙලා තියෙනවා. අපි මෑතකදී අපේ අනුපිළිවෙල ටිකක් වෙනස් කළා. මම හිතන්නේ අපි හොඳ සමබරතාවයක් ඇති කර ගත්තා” යනුවෙන් දසුන් සදහන් කළා.

“පසුගිය වසර කිහිපය තුළදී අපට නියමිත දස්කම් දැක්වීමට නොහැකි වුණත් තවමත් අපේ කණ්ඩායමේ ශක්තිය ඉතා හොදයි. අපිට ඉන්නවා අයි.පී.එල් තරගාවලියෙන් එන දෙදෙනෙක් (දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග], මුල් පෙළින් කුසල් ජනිත් ඉන්නවා වගේම අවිශ්ක ප්‍රනාන්දු අංක 4 හි හොදින් ක්‍රීඩා කරනවා”

“අපේ ක්‍රීඩකයින් තමන්ගේ ශක්තීන් අනුව දක්ෂතා දැක් වුවහොත් මට හිතෙන්නේ ඔවුන්ට මේ තරගාවලියේ බොහෝ දුරක් යා හැකියි. ශ්‍රී ලංකාවේ සිටින අපේ රසිකයන් අපේ සාර්ථකත්වය වෙනුවෙන් බොහෝ කාලයක් බලා සිටිනවා. මම බලාපොරොත්තුවෙනවා අපිට පුලුවන් වේවි කියලා ඔවුන්ව ආඩම්බරයට ලක් කරන්න”

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට(17) ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා(18) නැමීබියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...