දෙවැනි පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 39ක ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි නිල පුහුණු තරගයෙන් ද අද(14) ඔවුන් ජය වාර්තා කළා.

අබුඩාබිහී දී පැවැති තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 39කින් පරාජයට පත් වූයේ පැපුවා නිව් ගිනියාවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

මෙම තරගය සදහා කුසල් ජනිත් හා දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් ධනංජය ද සිල්වා.

ධනංජය ද සිල්වාට හා අංක 3 පිතිකරු චරිත් අසලංකට සාර්ථක ඉනිම් දියත් කිරීමට හැකි වූයේ නැහැ. ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු එකකට හා ලකුණු 8කට දැවී ගියා.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 58කින් ලකුණු 76 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඔහුට අනගි සහායක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු පන්දු 37කින් වේගවත් ලකුණු 61ක් වාර්තා කළා.

අවිශ්කගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

ඒ් අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින්.

  • ධනංජය 1(5), පැතුම් 76(58), චරිත් 8(12), අවිශ්ක 61(37), භානුක 2(2), දසුන් 2(2)*, චාමික 8(5)*

පන්දු යැවීමේ දී Kabua Morea ලකුණු 25කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පැපුවා නිව් ගිනියාවට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123ක් පමණයි.

Assad Vala ලකුණු 51ක් රැස් කළා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැගින් බිද හෙලූ අතර, දසුන් ශානක, චාමික කරුණාරත්න හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

  • චාමික 30/1, දුෂ්මන්ත 20/2, මහීෂ් 34/1, ළහිරු 15/0, වනිදු 16/2, දසුන් 5/1

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...