අවිශ්කගෙන් හා පැතුම්ගෙන් අර්ධ ශතක ; ශ්‍රී ලංකාව 162/5 (20)

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි නිල පුහුණු තරගය මේ වන විට අබුඩාබිහී දී පැවැත්වෙනවා.

ඒ, පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා කුසල් ජනිත් ක්‍රීඩා නොකරන අතර, ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමගින් ධනංජය ද සිල්වා.

ධනංජය ද සිල්වාට හා අංක 3 පිතිකරු චරිත් අසලංකට සාර්ථක ඉනිම් දියත් කිරීමට හැකි වූයේ නැහැ.

අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 76 ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

ඔහුට අනගි සහායක් ලබා දුන් අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ලකුණු 61ක් වාර්තා කළා.

ඒ් අනුව ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 162ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...