එංගලන්තය ලකුණු 219 ක් ඉදිරියෙන් – Day 4 Report

Date:

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද (19) නිමා වුණා.

ඒ වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 37ක් ලබා සිටියා.

දෙවන ඉනිම ආරම්භ කිරීම සදහා පිටියට පිවිසි ජොස් බට්ලර් ලකුණු නොලබා දැවී ගිය අතර, බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 16යි.

සැක් ක්‍රව්ලි ලකුණු 11කට දැවී ගියා.

දැවී ගිය කඩුලු දෙකම දවා ගැනීමට සමත් වුණේ කෙමා රෝච්.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනය සම්පූර්ණයෙන් අතහැර දැමීමට සිදු වූ අතර, අද දිනය ආරම්භ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 32ක් ලබා සිටියා.

ඔවුන් සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 287ක්.

රාත්‍රී රැකවලා ලෙස පිටියට පිවිස පන්දුවට පහර දෙමින් සිටි අල්සාරි ජෝසප් ලකුණු 32කට දැවී ගියා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 75ක්, ෂමාර්හ් බෘක්ස් ලකුණු 68ක් සහ රොස්ටන් චේස් ලකුණු 51ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ්, ක්‍රිස් වෝක්ස් කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, සෑම් කරන් කඩුලු 2ක් බිද හෙලුවා.

මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේ කඩුලු 9ක් දැවී ලකුණු 469ක් ලබා සිටියදීයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ඩොම් සිබ්ලි ලකුණු 120ක් සහ බෙන් ස්ටොක්ස් ලකුණු  176ක් ලබා ගත්තා.

සිබ්ලි රැස් කළේ සිය දෙවන ටෙස්ට් ශතකය වන අතර, ස්ටොක්ස් රැස් කළේ තම 10 වන ටෙස්ට් ශතකයයි.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 260ක්.

පන්දු යැවීමේ දී රොස්ටන් චේස් කඩුලු 5 ක් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට සිය දෙවන ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 219ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...