දෙවන ටෙස්ට් තරගයේ දී පන්දුවට විෂබීජනාශක යෙදීමට සිදු වූ හේතුව

Date:

එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ දී විනිසුරුවන්ට විෂබීජනාශක යොදා පන්දුව පිරිසිදු කිරීමට සිදු වුණා.

ඒ, කොදෙව් පළමු ඉනිමේ 41 වන පන්දුවාරයෙන් පසුව එංගලන්ත ක්‍රීඩක ඩොම් සිබ්ලි වැරදීමකින් පන්දුවට කේඨය(කෙළ) යොදා පිරිමැදීමට කටයුතු කිරීම හේතුවෙන්.

කෙළ යොදා ඔහු පන්දුව පිරිමැදීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විනිසුරුවන් දැනුවත් කිරීමට එංගලන්ත ක්‍රීඩකයින්ම කටයුතු කළා.

පසුව පන්දුව විෂබීජනාශක යොදා පිරිසිදු කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

කොරෝනා වසංගතය හේතුවෙන් කෙළ යොදා පන්දුව පිරිමැදීම තහනම් කරමින් මේ වන විට ජගත් ක්‍රිකට් කවුන්සලය නව නීතියක් හදුන්වා දී ඇති අතර, එම නීතිය හදුන්වා දීමෙන් පසුව අදාළ වරද ජාත්‍යන්තර තරගයක කළ පළමු ක්‍රීඩකයා ලෙසයි ඩොම් සිබ්ලි සැලකෙන්නේ.

මෙම වරද ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් සිදු කළහොත් එම කණ්ඩායමට එරෙහිව අනතුරු ඇගවීමක් නිකුත් කිරීමට විනිසුරුවන්ට බලය පවරා තිබෙනවා.

එවැනි අනතුරු ඇගවීම් දෙකක් එක් ඉනිමකදී සිදු කළ හැකි අතර, තවදුරටත් අදාළ වරද ක්‍රීඩකයින් සිදු කරන්නේනම් පිතිකරණ කණ්ඩායමට දඩුවම් ලකුණු 5ක් පිරිනැමීමට විනිසුරුවන් කටයුතු කළ යුතුයි.

ALSO READ : එංගලන්තය ලකුණු 219 ක් ඉදිරියෙන් – Day 4 Report

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...