තියුණු සටනකින් පසු දිල්ලිය පරදා කොල්කටා නයිට් රයිඩර්ස් අවසන් මහා තරගයට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් (Qualifier 2) දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 3ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව කොල්කටා කණ්ඩායම ලබන 15 වනදා ඩුබායි හී දී පැවැත්වෙන අවසන් මහා තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

සාජාහි පැවැති අවසන් වටයේ තෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණයි.

ශිකර් ධවාන් ලකුණු 36ක් රැස් කළ අතර, ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා. ප්‍රිත්වි ෂෝ හා මර්කස් ස්ටොයිනිස් ලකුණු 18 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 26කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 136ක් ලබා තරගයේ ජය හිමි කර ගත්තා.

පළමු කඩුල්ලට ලකුණු 96ක සබදතාවයක් පිහිටුවීමට වෙන්කටේෂ් අයියර් හා ෂුබ්මන් ගිල් සමත් වුණා.

අයියර් ලකුණු 55ක් ලබා ගත් අතර, ෂුබ්මන් ලකුණු 46ක් රැස් කළා. කෙසේ වෙතත්, අනතුරුව කොල්කටා මැදපෙල පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් තරගය තියුණු අවසානයක් කරා ඇදී ගියා.

නිටිෂ් රානා ලකුණු 13කට දැවී ගිය අතර, දිනේෂ් කාර්තික්, ඔයින් මෝර්ගන්, ශකිබ් අල් හසාන් හා සුනිල් නාරායන් ලකුණු රැස් කිරීමට පෙර දැවී යාම විශේෂත්වයක්.

තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරයේ දී කොල්කටා පිලට ලකුණු 7ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරය යොමු කළේ රවිචන්ද්‍රන් අශ්වින් විසින්.

එම පන්දුවාරයේ පළමු පන්දු 4 තුළ දී කොල්කටා කණ්ඩායමට කඩුලු 2ක් දැවී ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

කෙසේ වෙතත්, 5 වන පන්දුවට හයේ පහරක් එල්ල කරමින් රාහුල් ත්‍රිපාති තරගයේ ජය කොල්කටා පිලට හිමි කර දුන්නා. ත්‍රිපාති නොදැවී ලකුණු 12යි.

පන්දු යැවීමේ අන්රිච් නොකියා, රවිචන්ද්‍රන් අශ්වින් හා කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...