Update : ශ්‍රී ලංකාව 80/6 (12.3)

Date:

Match Report – අවිශ්කගේ සුපිරි සටන හමුවේ පළමු පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු නිල පුහුණු තරගය මේ වන විට අබුඩාබි හී දී පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශයට එරෙහිවයි.

මෙම තරගයේ දී බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින්.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකාර් ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 26කින්. ඊට හයේ පහර 2ක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකාව පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින අතර, ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ කුසල් ජනිත් හා පැතුම් නිස්සංකයි.

පන්දුවාර 8.4ක් අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 3ක් දැවී ලකුණු 61ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් ජනිත් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 18ක්ව තිබියදීයි. ටස්කින් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ ලකුණු 4(8)කටයි.

ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 15කට දැවී ගියා. පන්දු 12කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් ඇතුළත්.

ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 29ක් (4.1) ලෙසයි.

අංක 3 පිතිකරු දිනේෂ් චන්දිමාල් ලකුණු 13(15)කට දැවී ගියා.

පන්දුවාර 12.3ක් අවසානයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...