බංග්ලාදේශය ලකුණු 147/7 (20); ලකුණු සටහන මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු නිල පුහුණු තරගය මේ වන විට අබුඩාබි හී දී පැවැත්වෙනවා.

මෙම තරගයේ දී බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 147ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය පන්දුවාර 4.1ක් තුළ ලකුණු 31ක සීමා කරමින් ලිටොන් දාස් ලකුණු 16(14)කට දැවී ගියා.

ලකුණු 40 ක් වන විට දෙවැනි කඩුල්ල ලෙස නයීම් ශෙයික් ලකුණු 11(19)කට දැවී ගියා.

තෙවැනි කඩුල්ල ලකුණු 67 දී බිද වැටුණා. ඒ, මුෂ්ෆිකර් රහීම් ලකුණු 13කට දැවී යාමත් සමගයි.

ඉනිමේ සිව්වන කඩුල්ල ලකුණු 91දී බිද වැටුණේ අෆිෆ් හුසේන් ලකුණු 11කට දැවී යාමත් සමගයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සෞම්‍ය සාකාර් ලකුණු 34ක් ලබා ගත්තේ පන්දු 26කින්. ඊට හයේ පහර 2ක් හා හතරේ පහරක් ඇතුළත්.

ඉනිමේ පස්වන කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 109ක්ව තිබියදී ඔහු දැවී ගියා. හය වන හා හත් වන කඩුලු ලකුණු 124 දී බිද වැටුණා.

නුරුල් හසාන් ලකුණු 15ක් ලබා ගත් අතර, ශමිම් හුසේන් ලකුණු 5යි.

මහෙදි හසාන් නොදැවී ලකුණු 16ක් හා ටස්කින් අහ්මඩ් නොදැවී ලකුණු 4ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.

ළහිරු කුමාර,මහීෂ් තීක්ෂණ, වනිදු හසරංග හා දසුන් ශානක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI: Kusal Perera (wicket keeper), Pathum Nissanka, Dinesh Chandimal, Avishka Fernando, Bhanuka Rajapaksha, Dasun Shanaka (c), Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Maheesh Thikshana, Lahiru Kumara

Bangladesh XI: Liton Das (c), Naeem Sheikh, Soumya Sarkar, Mushfiqur Rahim, Afif Hossain, Nurul Hasan (wicket keeper), Shamim Hossain , Taskin Ahmed, Mehedi Hasan, Nasum Ahmed, Shariful Islam.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...