ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ දී මැතිව්ස් පුහුණුවීම් අරඹයි

Date:

එළඹෙන තරගාවලි සදහා ක්‍රීඩා කිරීමට තමා සූදානමින් පසුවන බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජෙලෝ මැතිව්ස් සිය ආයතනයට දන්වා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(12) තහවුරු කළා.

ඒ අනුව ඔහු වහාම ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ දී පුහුණුවීම් කටයුතු සදහා එක් වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තමාව ජාතික කණ්ඩායමේ වගකීම්වලින් තාවකාලිකව නිදහස් කරන ලෙසට ඔහු පසුගිය ජූලි මාසයේ දී ක්‍රිකට් ආයතනයට දන්වා තිබුණා.

නැවත දැනුම් දෙන තුරු පෞද්ගලික හේතූන් මත මැතිව්ස් එම ඉල්ලීම සිදු කර තිබූ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

යළි ක්‍රිකට් පිටියට පිවිසීමට මැතිව්ස් තීරණය කිරීමත් සමග ඔහු ලබන 27 වනදා ආරම්භ වන දේශීය තරග වාරය සදහා කොල්ට්ස් ක්‍රිකට් සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම නොවැම්බර් මාසයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සදහා ද, එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට මැතිව්ස් මේ වන විට සූදානමින් පසුවන බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...