ප්‍රබලයින් දෙදෙනෙකුට ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු තරගය අහිමි වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන නිල පුහුණු තරග අද(12) සිට ආරම්භ වනවා.

අද දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසෙන්නේ බංග්ලාදේශයට එරෙහිවයි.

එම තරගය අබුඩාබිහි Tolerance Oval ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙම තරගය සදහා බංග්ලාදේශ නායක මහ්මුදුල්ලාහ් රියාද් ක්‍රීඩා නොකරනු ඇති.

ඒ, ඔහුගේ පිට කොන්දේ ඇතිව තිබෙන සුළු ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ආබාධය බරපතල මට්ටමක නොපවතින නමුත්, අද තරගයට ඔහුව ක්‍රීඩා කරවීම තුළින් අනවශ්‍ය අවධානමක් ගැනීමට සූදානම් නොමැති බවයි බංග්ලාදේශ තේරීම් කමිටු නිළධාරී හබිබුල් බෂාර් සදහන් කළේ.

මේ අතර, සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන් ද අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ, ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින බැවින්.

ඔහුට තවදුරටත් අයි.පී.එල් පිටියේ රුදී සිටීමට එරට ක්‍රිකට් ආයතනය අවසර ලබා දී ඇති අතර, ඒ අනුව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ තරග අවසන් වීමෙන් පසුව ශකිබ් යළි බංග්ලාදේශ කණ්ඩායම සමග එක් වනු ඇති.

කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලියට එක් වූ මුස්ටර්ෆිසුර් රෙහ්මාන් මේ වන විටත් බංග්ලාදේශ සංචිතය සමග එක් වී අවසන්.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඔහු නියෝජනය කළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලැබීම හේතුවෙන්.

මේ අතර, අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් ද වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව අයි.පී.එල් තරගාවලියට සම්බන්ධ වී සිටි දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග මේ වන විට යළිත් ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව සිටින බැවින් ඔවුන් දෙදෙනා අද තරගයට ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් පවතිනවා.

ආබාධයකට ලක්ව සිටි කුසල් ජනිත් පෙරේරා ද මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බැවින් අද තරගයට ඔහුගේ සහභාගීත්වය ද අපේක්ෂා කළ හැකියි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...