රාහුල් පංජාබයට සමු දෙන ලකුණු

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් ලබන වසරේ දී එම කණ්ඩායම සදහා ක්‍රීඩා නොකරනු ඇති බව ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු ඉදිරියේ දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය සදහා ඉදිරිපත් වනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විටත් කණ්ඩායම් කිහිපයක්ම ඔහුව මිලදී ගැනීම සදහා කැමැත්තෙන් පසුවන බව ද සදහන්.

2018 වසරේ දී කේ.එල් රාහුල් එම කණ්ඩායම සමග එක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 11ක මුදලකටයි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණුලාභියා වන්නේ ද කේ.එල් රාහුල්.

ලබන වසරේ සිට නව කණ්ඩායම් දෙකක් ද අයි.පී.එල් තරගාවලියට එක්වීමට නියමිතයි.

ඒ හේතුවෙන් එක් කණ්ඩායමකට ක්‍රීඩක වෙන්දේසියට පෙර සිය කණ්ඩායමේ රදවා ගත හැකි ක්‍රීඩකයින් ප්‍රමාණය ද මෙතෙක් නිවේදනය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...