හතුරුසිංහට ඔස්ට්‍රේලියාවෙන් පුහුණුකාර ධූරයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සහකාර සහ පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

ඔහු මීට පෙර 2010 – 2014 කාලයේ දී ද එම කණ්ඩායමේ සහකාර පුහුණුකරු ලෙස කටයුතු කළා.

2017 වසරේ දෙසැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත් ගිවිසුම අවසන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේ පසුගිය ජනවාරි මාසයේ දී යි.

කෙසේ වෙතත්, ඊට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ඔහුගේ ධූරය අත්හිටුවීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා ප්‍රමාණවත් නොවීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...