ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට CPL ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමේ තීරණයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සදහා මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් සී.පී.එල් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ දසුන් ශානක, වනිදු හසරංග, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් අදාළ තරගාවලියට එක්වීම සදහා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා ඇති බවයි.

කෙසේ වෙතත්, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමේ සැලසුම හේතුවෙන් ඊට අවසර ලබා දී නොමැති බව සදහන්.

මෙවර සී.පී.එල් තරගාවලිය ලබන මාසයේ දී ආරම්භ වීමට නියමිත අතර, ඒ සදහා පැවැති ක්‍රීඩකයින් තොරා ගැනීමේ අවස්ථාවේ දී (draft) කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබා ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, මේ වන විට කණ්ඩායම් කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය කණ්ඩායමට ලබා ගැනීමට අවධානය යොමු කර ඇත්තේ ඇතැම් විදෙස් ක්‍රීඩකයින් මෙවර තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...