“මාස 3ක් දෙන්න. මට පුලුවන් ආයෙ ඉන්දියාවට ක්‍රීඩා කරන්න” – ගංගුලි

Date:

තමාට යළි ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව පවතින බව ඉන්දීය හිටපු නායක සහ ඉන්දීය ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති සෞරව් ගංගුලි පවසනවා.

මාස 3ක කාලයක් පුහුණු කටයුතු කළහොත් තමාට ටෙස්ට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර හොදින් ලකුණු රැස් කිරීමේ හැකියාව පවතින බවයි ගංගුලි සදහන් කළේ.

Sangbad Pratidin පුවත්පත වෙත අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් පල කළා.

“මට තවත් එක්දින තරගාවලි දෙකක් දුන්නනම් මම තවත් ලකුණු රැස් කරනවා. මම නාග්පූර්හීදී විශ්‍රාම ගත්තේ නැත්නම් මම ඊළග ටෙස්ට් තරගාවලි දෙකේදීත් දක්ෂතා දක්වනවා. දැන් වුණත් මට දෙන්න මාස 6ක් පුහුණුවීම් කරන්න. මට දෙන්න රංජි තරග 3ක් ක්‍රීඩා කරන්න. මට පුලුවන් ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරගවලදී ලකුණු ලබා ගන්න. මට මාස 6ක් අවශ්‍යත් නැහැ. දෙන්න මට මාස 3ක්. මට පුලුවන් දක්ෂතා දක්වන්න.”

යනුවෙන් සෞරව් ගංගුලි සදහන් කළා.

2008 වසරේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ගංගුලි 2012 වසරේ දී අයි.පී.එල් තරග පිටියෙන් ද සමු ගැනීමට තීරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...