වනිදු හා දුෂ්මන්ත අද තරග බිමට; චන්දිමාල් සැලසුම් පහදයි

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයට පෙර බංග්ලාදේශය සමග අබුඩාබිහී දී අද(12) පැවැත්වෙන පළමු පුහුණු තරගය සදහා වනිදු හසරංග හා දුෂ්මන්ත චමීර බොහෝ විට ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට අතථ්‍ය මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග එක්වී සිටි වනිදු හා දුෂ්මන්ත ශ්‍රී ලංකා සංචිතය සමග එක් වුණේ පසුගිය 10 වැනිදායි.

මේ අතර, මේ වන විට කණ්ඩායම තුළ තමාට පැවරී ඇති රාජකාරිය වන්නේ කඩුලු රැකීමේ කාර්යය හා ආරම්භක පිතිකරුගේ කාර්යය බව චන්දිමාල් සදහන් කළා.

ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන් පසුගිය තරගවලින් විවේක ගැන් වූ කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට යළි පැමිණීමත් සමග චන්දිමාල්ගේ භූමිකාව කෙබදු ආකාරයක් ගනු ඇත්දැයි විමසූ පැනයකට පිළිතුරු දෙමින්.

දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් අදහස් දැක් වූ අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...