කඩුලු 4ක ජයකින් කොල්කටා කණ්ඩායම කෝලිගේ IPL සිහිනය බොද කරයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට (Qualifier 2) සුදුසුකම් ලබා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ, අවසන් වටයේ දෙවැනි තරගයෙන් (Eliminator) රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත් කරමින්.

මෙම තරගයෙන් පරාජයට පත් වූ බැංගලෝර් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, ඒ අනුව විරාට් කෝලිගේ නායකත්වයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගය බවට මෙම තරගය පත් වනු ඇති.

ඔහුගේ නායකත්වය යටතේ බැංගලෝර් කණ්ඩායමට කිසිදු අයි.පී.එල් තරගාවලියක් ජය ගැනීමට හැකි වූයේ නැහැ.

සාජා හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගීමට කෝලි හා දෙව්දත් පඩික්කල් සමත් වුණා.

පඩික්කල් ලකුණු 21යි. කෝලි ලකුණු 39කට දැවී ගියා. මැද පෙල පිතිකරුවන් කිසිවෙකුගෙන් ඉනිමට සාර්ථක දායකත්වයක් හිමි වූයේ නැහැ.

ඩි විලියස් පන්දු 9කින් මෙම ඉනිමේ දී වාර්තා කළේ ලකුණු 11ක් පමණයි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 15(18)යි. ශහ්බාස් අහ්මඩ් ලකුණු 13ක් රැස් කළා.

බැංගලෝර් ඉනිමේ දී කිසිදු පිතිකරුවෙකු කිසිදු හයේ පහරක් එල්ල නොකිරීම කැපී පෙනන සිදුවීමක්.

සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ සුනිල් නාරායන් ලකුණු 21කට බිද හෙලූ කඩුලු ගණන 4ක්.

ලුකී ෆර්ගියුසන් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 6ක් දැවී සිටියදීයි.

ආරම්භක පිතිකරුවන් වූ ෂුබ්මන් ගිල් ලකුණු 29ක් හා වෙන්කටේෂ් අයියර් ලකුණු 26ක් රැස් කළා. රාහුල් ත්‍රිපාති ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි.

නිටිෂ් රානා ලකුණු 23ක් ලබා ගත් අතර, සුනිල් නාරායන් පන්දු 15කින් ලකුණු 26ක් ලබා ගනිමින් කොල්කටා කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත පහසු කළා. හයේ පහර 3ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඩෑන් ක්‍රිස්ටියන් යොමු කළ පන්දුවාරයකට ඔහු එම හයේ පහර තුනම එල්ල කිරීම විශේෂත්වයක්.

දිනේෂ් කාර්තික් ලකුණු 10ක් රැස් කළ අතර, නායක ඔයින් මෝර්ගන් ලකුණු 5ක් ද, ශකිබ් අල් හසාන් ලකුණු 9ක් ද නොදැවී රැස් කරමින් කොල්කටා පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ්, හර්ෂාල් පටෙල් හා යුස්වේන්ද්‍ර චහෙල් කඩුලු 2 බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ සුනිල් නාරායන්.

ඒ අනුව මෙම තරගයෙන් ජය ලැබූ කොල්කටා පිල ලබන 13 වනදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඉන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...