කෝලි හා ඩි විලියස්ගේ කඩුල්ල ගැලවූ නාරායන්ගේ සුපිරි පන්දු දෙක

Date:

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ.බී ඩි විලියස් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී අද(11) යළිත් අසාර්ථක වුණා.

ඒ, මෙවර තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේ දී (Eliminator) කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහියි.

තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 138ක් ලබා ගනිමින්.

ඩි විලියස් පන්දු 9කින් මෙම ඉනිමේ දී වාර්තා කළේ ලකුණු 11ක් පමණයි.

සුනිල් නාරායන් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියා.

ඔහුගේ දැවී යාමට පෙර නායක විරාට් කෝලි ද නාරායන්ගේ පන්දුවක් හමුවේම දැවී ගියේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

දැවී යන විට කෝලි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 39ක්.

මෙම තරගයේ දී සුනිල් නාරායන් විසින් ග්ලේන් මැක්ස්වෙල්ගේ කඩුල්ල ද දවා ගත් අතර, නාරායන් විසින් ලකුණු 21කට බිද හෙලූ කඩුලු ගණන 4ක්.

ලුකී ෆර්ගියුසන් ලකුණු 30කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...