ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් නිල ඇදුම් දෙකක්

Date:

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නිල ඇදුම් දෙකක් යොදා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක එම ඇදුම් දෙකෙන් සැරසී සිටින ආකාරය ඇතුළත් ඡායාරූපයක් අද(11) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළා.

මීට පෙර ආරම්භක පිතිකරු දිනේෂ් චන්දිමාල් ද නිල ඇදුමෙන් සැරසී සිටින ඡායාරූපයක් සමාජජාලා මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

පසුගිය කාලයේ පැවැති අයි.සී.සී තරගාවලි සදහා ද ශ්‍රී ලංකාව මෙලෙස නිල ඇදුම් දෙකක් භාවිතා කරනු ලැබුවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතයි.

ඊට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හෙට(12) දිනයේ දී හා ලබන 14 වනදා පුහුණු තරග දෙකකට ද ක්‍රීඩා කරනු ඇති.

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...