IPL සැප්තැම්බර් 26 – නොවැම්බර් 7 අතර එක්සත් අරාබියේ දී

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සදහා සැප්තැම්බර් 26 සිට නොවැම්බර් 7 දක්වා අතර කාලය යොදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

අප මීට පෙර ද වාර්තා කළ පරිදි මෙවර අයි.පී.එල් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහායි මේ වන විට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට තීරණය කළහොත් පමණක් සැප්තැම්බර් – නොවැම්බර් අතර කාලයේ දී අයි.පී.එල් තරගාවලිය පැවැත්වීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති.

හෙට(20) පැවැත්වෙන අයි.සී.සී රැස්වීමේ දී 20යි 20 ලෝක කුසලානය පිළිබද අවසන් තීරණයක් ගනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර, අයි.පී.එල් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහාත්, ඒ සදහා ක්‍රීඩකයින්ට සහ නිළධාරීන්ට එරටට පිටත්ව යාම සදහාත් අවසර ඉල්ලා ඉන්දීය ක්‍රිකට් ආයතනය ඉන්දීය රජය වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

පසුගිය සිකුරාදා ඉන්දීය ක්‍රිකට් ආයතනයේ බළධාරීන් අතර පැවැති රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...