ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන ශ්‍රී ලංකා කාන්තා සංචිතය

Date:

ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

මේ වන විට කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටින චමරි අතපත්තු මෙම සංචිතයේ නායිකාව ලෙස සුපුරුපු පරිදි කටයුතු කරනවා.

සංචිතයට නවක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ද ඇතුළත්. 16 හැවිරිදි වේග පන්දු යවන ක්‍රීඩිකාවක් මෙන්ම ආරම්භක පිතිකාරිණියක් වන විශ්මි ගුණරත්න, 19 හැවිරිදි පිතිකාරිණියක් වන ඉමේෂා දුලානි හා වමත් පා දග පන්දු යවන්නියක වන සචිනි නිසංසලා සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නොවැම්බර් 21 වනදා සිම්බාබ්වේ හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad: Chamari Atapattu (captain) Harshitha Madavi (vice-captain), Inoka Ranaweera, Nilakshi de Silva, Hasini Perera, Sugandika Kumari, Oshadi Ranasinghe, Ama Kanchana, Udeshika Prabodhani, Achini Kulasuriya, Anushka Sanjeewani, Kavisha Dilhari, Tharika Sewwandi, Prasadani Weerakkody, Imesha Dulani, Vishmi Gunaratne, Sachini Nisansala

Standby players: Umesha Thimashini, Kawya Kavindi, Madushika Meththananda, Sathya Sandeepani, Lihini Apsara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...