ස්ටොක්ස් යළිත් ශල්‍යකර්මකයට; අලුබදුනත් අහිමි වීමේ අවධානමක්

Date:

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් තවත් ශල්‍යකර්මයකට මුහුණ දුන් බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද(7) නිවේදනය කළා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරේ දී (අප්‍රේල් මාසයේ දී) ඔහු වම් අතෙහි ඇගිල්ලක ආබාධයකට ගොදුරු වූ අතර, එම ඇගිල්ලෙහි මෙලෙස ශල්‍යකර්මයක් සිදු කර ඇත්තේ දෙවැනි වරටයි.

පසුගිය සදුදා(4) එම ශල්‍යකර්මයට ඔහු මුහුණ දුන් බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහු ඉදිරි සති 4ක කාලයේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කණ්ඩායමේ අධීක්ෂණය යටතේ ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට අවශ්‍ය පුනරුත්තාපන කටයුතු සදහා යොමු වීමට නියමිතයි.

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය සදහා ද බෙන් ස්ටොක්ස් නම් කර නොමැති අතර, පවතින තත්ත්වය අනුව මෙවර අලුබදුන තරගාවලිය ද ඔහුට අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...