T 20 ලෝක කුසලානයෙන් ඉන්දියාව ලබන බිලියන ගණනක ලාභය මෙන්න

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නොහැකි වුවද, තරගාවලිය තුළින් ඉහළ ලාභයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවනවා.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන 17 වනදා සිට ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා.

තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබුණත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය ඕමානයේ දී හා එක්සත් අරාබියේ දී පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

කෙසේ වෙතත්, තරගාවලියේ සත්කාරක අයිතිය තවදුරටත් හිමිවන්නේ ඉන්දීය ක්‍රිකට් ආයතනයටයි.

ඩුබායි, අබුඩාබි හා සාජාහී දී තරග 39ක් මෙවර ලෝක කුසලානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ වෙනුවෙන් එමිරේට්ස් ක්‍රිකට් ආයතනයට අමෙරිකානු ඩොලර් මිලියන 7ක (රුපියල් 1,395,806,300) මුදලක් හිමි වීමට නියමිතයි.

තරග 6ක් මස්කට් හී දී පැවැත්වීමට නියමිත බැවින් අමෙරිකානු ඩොලර් 400,000ක (ස්ථාවර ගාස්තුවක් ලෙස) මුදලක් ඕමාන ක්‍රිකට් ආයතනයට ද හිමි වනු ඇති.

තරගාවලියේ සත්කාරක අයිතිය හිමි ඉන්දීය ක්‍රිකට් ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 12ක(රුපියල් 2,392,810,800) පමණ ලාභයක් ලැබීමට නියමිතයි.

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය සත්කාරක ගාස්තුව වන අමෙරිකානු ඩොලර් මිලියන 13.5න් ඩොලර් මිලියන 1.5ක් එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙත ගෙවනු ලබන්නේ ස්ථාවර ගාස්තුවක් වශයෙන්.

එමෙන්ම මෙහෙයුම් පිරිවැය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් ද ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙත ගෙවනු ලබන අතර, එය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ආවරණය කරනු ලබන මුදලක් බව සදහන්.

තරගාවලිය පැවැත්වීමට යන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 25ක්.

මේ අතර, තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලබන ආදායමේ අයිතිය එමිරේට්ස් ක්‍රිකට් ආයතනය හා ඕමාන ක්‍රිකට් ආයතනය වෙත පැවරීමට ද ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...