ශ්‍රී ලංකා – ඕමාන T 20 තරගාවලිය අද ඇරඹේ ; කාළගුණ අනාවැකිය මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය අද(7) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 4ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගාවලිය අතිශය වැදගත් වන අතර, කණ්ඩායමේ සංයුතිය පිළිබද මෙන්ම පිතිකරණ අනුපිළිවෙල සම්බන්ධයෙන් අදහසක් ලබා ගැනීමට ද මෙම තරගාවලිය වැදගත් වනු ඇති.

කෙසේ වෙතත්, දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඒ, ඔවුන් දෙදෙනා මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්ව සිටින බැවින්.

ආබාධයකට ලක්ව සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා ද අද තරගයෙන් විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රතිවාදී ඕමාන් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ සීෂාන් මක්සූද්.

1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වූ දුලිප් මෙන්ඩිස් මහතා ඕමාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රුවන් කල්පගේ මහතා ඕමාන පිලේ උපදේශකයකු ලෙසින් කටයුතු කිරීම ද විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් 20යි 20 තරගය ලබන 9 වනදා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගාවලියේ දේශීය රූපවාහිනී විකාශන අයිතිය හිමිව ඇත්තේ Supreme TV නාලිකාව වෙතයි.

ඉන්දියානු කලාපීය රූපවාහිනී විකාශන අයිතිය Sony Pictures Sports Network සමාගම සතු වන බැවින් Sony TEN 2 නාලිකාව ඔස්සේ ද තරග නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට උදා වනවා.

YouTube ඔස්සේ තරගාවලිය නැරඹිය හැකි වන්නේ Hari TV YouTube නාලිකාව හරහායි.

ලොව පුරා සිටින ක්‍රීඩාලෝලීන්ට මෙම තරගාවලිය පහත නාලිකා ඔස්සේ නැරඹිය හැකියි –

  • Sony Ten – India, Bangladesh, Sri Lanka
  • Ten Sports – Pakistan
  • Supreme TV -Sri Lanka
  • Free Sports – UK
  • Willow – US & Canada
  • Criclife – UAE

මේ අතර, පසුගිය දිනවලදී ඕමානයට සුළි කුනාටුවකින් දැඩි බලපෑම් එල්ල වී තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට එරටට යහපත් කාළගුණ තත්ත්වයක් පවතින අතර, අද තරගය පැවැත්වෙන මස්කට් නුවර ආශ්‍රිත ප්‍රදේශයට ද යහපත් කාළගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ.

කාළගුණ අනාවැකිය –

BBC weather

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...