සන්රයිසස් පිලට අවසන් පන්දුවේ දී තියුණු ජයක්; දිල්ලිය අවසන් වටයේ පළමු තරගයට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 52 වැනි තරගයෙන් අවසන් පන්දුවේ දී ලකුණු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(6) සමත් වුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි මෙම තරගයෙන් සන්රයිසස් කණ්ඩායම ජය ලැබීමත් සමග දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම හිමි කර ගනිමින් අවසන් වටයේ පළමු තරගයට (Qualifier 1) ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට උදා කර ගෙන තිබෙනවා.

දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉතා ඉහළ මට්ටමක රදවා ගැනීම හේතුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ද බොහෝ විට පළමු ස්ථාන දෙකෙන් එක් ස්ථානයක් හිමි කර ගත හැකි වනු ඇති.

ඒ අනුව බොහෝ විට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි වීමට ඉඩ ඇති අතර, එසේ වුවහොත් ඔවුන්ට සිදු වන්නේ අවසන් වටයේ දෙවැනි තරගය සදහා ක්‍රීඩා කිරීමටයි.

අබුඩාබි හි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

  • Royal Challengers Bangalore XI:
    V Kohli, D Padikkal, D Christian, G Maxwell, AB de Villiers, KS Bharat, S Ahmed, G Garton, H Patel, M Siraj, Y Chahal
  • Sunrisers Hyderabad XI:
    J Roy, W Saha, P Garg, K Williamson, A Sharma, J Holder, A Samad, R Khan, B Kumar, U Malik, S Kaul

බැංගලෝර් පිලේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 141ක් රැස් කළා.

ජේසන් රෝයි පන්දු 38කින් ලකුණු 44ක් ලබා ගත්තා. ඒ, හතරේ පහර 5ක් සමගින්. නායක කේන් විලියම්සන් ලකුණු 31යි.

සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 33කට කඩුලු 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

නායක විරාට් කෝලි ලකුණු 5කට දැවී ගිය අතර, දෙව්දත් පඩික්කල් ලකුණු 41ක් රැස් කළා.

ග්ලේන් මැක්ස්වෙල් පන්දු 25කින් ලකුණු 40ක් ලබා සිටියදි දුවද්දී දැවී යාමකට හසු වීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා. ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් ඇතුළත් වුණා.

ඒ බී ඩි විලියස් නොදැවී ලකුණු 19(13)යි. තරගයේ ජය බැංගලෝර් කණ්ඩායමට හිමි කර දීමටනම් අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ඩි විලියස්ට සිදු වූ නමුත්, බුවනේෂ්වර් කුමාර් යොමු කළ එම පන්දුවට ඔහුට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර්, ජේසන් හෝල්ඩර්, සිද්ධාර්ත් කොවුල්, උම්රාන් මලික් හා රෂීඩ් ඛාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...