දේශීය තරග වාරයේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

මෙරට ප්‍රධානතම ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය (Major Club 50 over Tournament) ලබන 27 වනදා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එය සංවිධාන කරන බවයි ක්‍රිකට් ආයතනය අද(6) නිවේදනය කළේ.

මෙරට දේශීය තරග වාරය පසුගිය සැප්තැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, රට තුළ පැවැති කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් එය කල් දැමීමට සිදු වුණා.

ක්‍රීඩා සමාජ 26ක් එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වන අතර, A හා B වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරග ආරම්භ වීමට නියමිතයි.

අවසන් පූර්ව තරග නොවැම්බර් 26 වනදා පැවැත්වෙන අතර, අවසන් මහා තරගය නොවැම්බර් 28 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

කණ්ඩායම් කාණ්ඩගත වී ඇති අයුරු හා තරග කාලසටහන –

Group A NCC, Army SC, Moors SC, Navy SC, Kurunegala YCC, CCC, Negombo CC, Nugegoda S & WC, BRC,
Kandy Customs SC, Kalutara TC, Lankan CC, Air Force SC

Group B – Ragama CC, Badureliya CC, Tamil Union C & AC, SSC, Bloomfield C & AC, Colts CC, Saracens SC, Chilaw Marians CC, Galle CC, Panadura SC, Police SC, Sebastianites Club, Ace Capital Cricket Club

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...