එම්.එස් දෝනි 2022 IPL තරගාවලියටත්

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් නායක හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ අනාගත ක්‍රිකට් දිවිය පිළිබද මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

විශේෂයෙන්ම නායකයෙකු වශයෙන් ඔහු තවදුරටත් සාර්ථකත්වයක් පෙන්නුම් කරමින් සිය කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටය දක්වා මේ වන විටත් රැගෙන යාමට සමත් වී අවසන්.

කෙසේ වෙතත්, පිතිකරුවෙකු වශයෙන් ඔහු පසුගිය වසර දෙකක කාලය තුළ දී දැඩි අසාර්ථකත්වයක් දක්වා තිබීම ඔහුගේ අනාගත ක්‍රිකට් දිවිය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් ඇති කර තිබෙනවා.

එවැනි පසුබිමක් යටතේ වුවද, ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනි සූදානමින් පසුවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහු විසින් ඒ සම්බන්ධයෙන් මේ වන විට ඉගි පල කිරීමක් සිදු කර ඇති අතර, ඒ අනුව අවම වශයෙන් තවත් එක් අයි.පී.එල් අදියරක් සදහා දෝනි ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

ඊයේ(5) පැවැති වැඩසටහනකදී 40 හැවිරිදි එම්.එස් දෝනි පවසා ඇත්තේ තමාගේ අවසන් තරගය චෙන්නායි ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කිරීමට බොහෝ විට ඉඩ ඇති බවයි.

දෝනි අවසන් වරට චෙන්නායි ක්‍රීඩාංගනයේ දී තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2019 වසරේ දී යි.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී හා මෙම වසරේ දී කිසිදු අයි.පී.එල් තරගයක් චෙන්නායි හී දී පැවැත්වීමට හැකි වූයේ නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාමෙන් පසුව තමා බොලිවුඩ් තිරය දෙසට යොමු වීමට කිසිසේත් සූදානමක් නොමැති බව ද ඉන්දීය හිටපු නායකයා සදහන් කළා.

“ඔබ දන්නවා ඇත්තටම බොලිවුඩ් කියන්නේ මම අවධානය යොමු කරන පැත්ත නොවෙයි.” යනුවෙන් මහේන්ද්‍ර සිං දෝනි පවසා සිටියා.

“වෙළද දැන්වීම් පිළිබද සළකා බැලුවොත් මම කැමතියි ඒවා කරන්න. සිනවාම ගැන බැලුවොත් මම හිතන්නේ ඒක ගොඩක් අමාරු වෘත්තියක් වගේම කළමණාකරණය කරන්න ගොඩක් අමාරු දෙයක්. මම ඉඩ දෙනවා සිනමා තරුවලට එය කරන්න, මොකද එයාලා ඒකට ගොඩක් දක්ෂයි. මම ක්‍රිකට්වල නැවතී සිටිනවා. රංගනයෙන් මට සමීප විය හැකි වන්නේ වෙළද දැන්වීම්වලටයි. එතනින් එහාට කිසි දෙයක් නැහැ.”

2022 වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා කණ්ඩායම් 10ක් ක්‍රීඩා කිරීමට ද නියමිතව තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී දැවැන්ත ක්‍රීඩක වෙන්දේසියක් ද සංවිධාන කිරීමට නියමිතව ඇති අතර, ඊට පෙර චෙන්නායි කණ්ඩායම විසින් නායක දෝනි, රවීන්ද්‍ර ජඩේජා හා රුටුරාජ් ගයික්වඩ් යන ක්‍රීඩකයින් තිදෙනා සිය කණ්ඩායමේ රදවා ගැනීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...