ග්ලේන් පිලිප්ස් සම්පූර්ණයෙන් අසරණ කළ කොල්ටර් නයිල්ගේ විශිෂ්ඨ පන්දුව

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාජා හී අද (05) පැවති මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගයේදී වාර්තාගත පන්දු යැවීමක නිරත වීමට මුම්බායි කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් රාජස්තාන් කණ්ඩායම ලකුණු 90 කට සීමා කරමින්.(90/9)

එවින් ලුවිස් ලකුණු 24(19) ලබා ගත් අතර සෙසු එකදු පිතිකරුවකු හටවත් ලකුණු 20 සීමාව පසුකර යාමට අවස්ථාවක් ලැබුණේ නැහෑ.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නේතන් කොල්ටර් නයිල් පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 14 කට කඩුලු 4 ක් බිඳ හෙලීමට සමත් වුණා.

ඔහු විසින් ඉනිමේ 10 වන පන්දුවාරයේ 4 වන පන්දුවේදී ග්ලේන් පිලිප්ස්ගේ කඩුල්ල දවා ගැනීමට යොමු කළ සුපිරි පන්දුව මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

එහිදී නේතන් කොල්ටර් නයිල් යොමු කළ පන්දුව කෙළින්ම කඩුල්ල වෙත ඇදී ගියේ පිතිකරුවාගේ පාද දෙක අතරින්.

ජිමී නිශම් කඩුලු 3 ක් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 02 ක් බිඳ හෙලුවා.

මෙවර IPL තරගාවලියේ දී කණ්ඩායමක් දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි රාජස්ථාන් ලකුණු පුවරුව වාර්තා අතරට එක් වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...