LPL විදෙස් ක්‍රීඩක ලියාපදිංචිය අදින් අවසන්

Date:

ලංකා ප්‍රිමියර් ලීග්(එල්.පී.එල්) ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර සදහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අදින්(5) අවසන් වනවා.

පසුගිය 24 වනදා සිට එම කටයුතු යළි ආරම්භ කර තිබූ අතර, අද දහවල් 12 වන තුරු ලියාපදිංචි කිරීමේ කටයුතු සිදු කළ හැකි බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල වෙබ් අඩවිය ඔස්සේ විදෙස් ක්‍රීඩකයින්ට තම ලියාපදිංචිය සිදු කළ හැකියි.

ලියාපදිංචි වන ක්‍රීඩකයින් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට ඉදිරිපත් කරනු ඇති.

ලියාපදිංචි වන විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට තේරී පත්වන්නටනම් ඔවුන් සිය රටේ ජාතික කණ්ඩායම හෝ පළමුපෙල තරග ක්‍රීඩා කර තිබීම හෝ ප්‍රධාන 20යි 20 ලීග් තරගාවලියක් (අයි.සී.සී ප්‍රධාන සාමාජික රටවල්හි පවත්වන) ක්‍රීඩා කර තිබීම අනිවාර්යය වනවා.

එමෙන්ම එම ක්‍රීඩකයින් ඔවුන්ගේ රටේ ක්‍රිකට් ආයතනය විසින් පිළිගත් ක්‍රීඩකයින් ද විය යුතුයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය ජූලි 29 වනදා සිට අගෝස්තු 22 දක්වා පැවැත්වීමට මීට පෙර නියමිතව තිබූ නමුත්, එම කාලයේ දී ජාත්‍යන්තර තරගාවලි හා ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැති බැවින් විදෙස් ක්‍රීඩකයින් LPL තරගාවලියට සම්බන්ධ කර ගැනීමේ දුෂ්කරතා සලකා බලා තරගාවලිය කල් දැමීමට තීරණය කෙරුණා.

කණ්ඩායම් 5ක් මෙවර තරගාවලියට එක් වන බවත්, සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

එම ක්‍රීඩකයින් 20 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 14 දෙනෙකු සහ විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි.

අවශ්‍යනම් කණ්ඩායම් කළමණාකාරීත්වයට පසුගියවර සංචිතයේ රැදී සිටි ක්‍රීඩකයින් අතරින් සිව්දෙනෙකු (දේශිය 2 හා විදෙස් 2) මෙවර තරගාවලිය සදහා ද රදවා තබා ගත හැකි බව මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දක්වා තිබුණා.

සෙසු ක්‍රීඩකයින් තෝරා පත් කර ගත යුතු වන්නේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී යි.

දේශීය ක්‍රීඩකයින්, ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත් කරනුයේ ජාතික තේරීම් කමිටුවේ නිර්දේශ මතයි.

ජාතික කණ්ඩායම, නැගීඑන, සංවර්ධන කණ්ඩායම් සහ ‘A’ කණ්ඩායම නියෝජනය කිරීම මෙන්ම ප්‍රධාන ක්‍රීඩා සමාජ තරගාවලිය ක්‍රීඩා කර තිබීම මෙහිදී සුදුසුකමක් ලෙස සලකනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...