දිනක ප්‍රමාදයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව යයි

Date:

ඕමානයට එරෙහි තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය හා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(4) දහවල් දිවයිනෙන් පිටත්ව ගියා.

ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට එරට බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද, ඕමානයට බලපෑ අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගුවන් ගමන අද දින දක්වා කල් දැමීමට සිදු වුණා.

ඕමානය හා ඉරානය “ෂහීන්” නම් සුළි කුණාටුවේ බලපෑමට මේ වන විට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් ද අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ද ඕමානයේ මස්කට් ගුවන් තොටුපොල වෙත ළගා වීමට නොහැකි වූ අතර, ඔවුන් මස්කට් නුවර සිට කිලෝ මීටර් 1000ක් පමණ දුරින් පිහිටි salalah ගුවන් තොටුපොල වෙත ළගා වූ බව සදහන්.

ලබන 17 වනදා ඕමානයේ දී හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව ඕමානයේ දී 20යි 20 තරග 2ක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, එම තරග ඔක්තෝබර් 7 හා 9 යන දිනවලදී පැවැත්වෙනවා.

අනතුරුව ලෝක කුසලානයට පෙර පැවැත්වෙන පුහුණු තරග සදහා ශ්‍රී ලංකාව එක්වන්නේ බංග්ලාදේශයට හා පැපුවා නිව් ගිනියාවට එරෙහිවයි. එම තරග දෙක ඔක්තෝබර් 12 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලානයේ පළමු වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ, ලබන 18, 20 හා 22 යන දිනවලදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...