කැමරාවක් කුඩු වෙන්න නිටිෂ් රානා ගහපු හතරේ පහර මෙන්න (Video)

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරග කිහිපයක් මේ දිනවලදී පැවැත්වෙනවා.

මේ වන විට කණ්ඩායම් 3ක් අවසන් වටයේ ස්ථාන වෙන් කර ගෙන ඇති අතර, අවසන් වටයේ ස්ථානයක් වෙන් කර ගැනීමේ අවස්ථාව ඉතිරිව ඇත්තේ තවත් එක් කණ්ඩායමකට පමණයි.

තරගාවලියේ උණුසුම දිනෙන් දින වැඩිවනවා සේම තරග අතරතුර සිදු වන විවිධ ආකර්ශනීය සිදුවීම්වල අඩුවක් ද දකින්නට ලැබෙන්නේ නැහැ.

බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ එවැනි සිදු වීමක් ඊයේ(3) පැවැති මෙවර තරගාවලියේ 49 වන තරගයේ දී දි දැක ගත හැකි වුණා.

මෙම තරගය ඩුබායි හී දී පැවැත්වුණේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතරයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් පිල කඩුලු 8ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා පිල ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි.

එහිදී ෂුබ්මන් ගිල් ලකුණු 57ක් රැස් කළ අතර, නිටිෂ් රානා ලකුණු 25ක් ලබා ගත්තා.

කොල්කටා ඉනිමේ 18 වන පන්දුවාරයේ 4 වන පන්දුවට රානා එල්ල කළ හතරේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ පන්දුව කෙළින්ම හතරේ සීමාව ආසන්යේ රදවා තිබූ කැමරාවක ගැටී ඊට දැඩි හානි සිදු වීම හේතුවෙන්.

ජේසන් හෝල්ඩර් යොමු කළ කෙටි පන්දුවකටයි ඔහු එම හතරේ පහර එල්ල කළේ.

දර්ශන නැරඹීමට මෙතන ක්ලික් කරන්න(පහතින් ද නැරඹිය හැක)

පන්දුව නවතා ගැනීම සදහා පිටියේ පන්දු රකිමින් සිටි රෂීඩ් ඛාන් ද දැඩි උත්සාහයක නිරත වුවත්, එය සාර්ථක වූයේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...