පංජාබ් ලකුණු 6කින් පරදා RCB අවසන් වටයට සුදුසුකම් ලබයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගත් තෙවැනි කණ්ඩායම බවට පත් වීමට විරාට් කෝලි නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, පංජාබ් කිංග්ස් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ 48 වන තරගයෙන් බැංගලෝර් කණ්ඩායම ලකුණු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

අවසන් වටය සදහා මීට පෙර චෙන්නායි සුපර් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් ද සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගත හැකි වන්නේ තවත් එක් කණ්ඩායමකට පමණයි.

​සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායමේ නායක විරාට් කෝලි පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ඔවුන් සිය කණ්ඩායමේ කිසිදු ‍වෙනස්කමක් සිදු කර තිබුණේ නැහැ.

පංජාබ් කණ්ඩායම මෙම තරගය සදහා වෙනස්කම් 3ක් සිදු කර තිබුණා. ඒ අනුව හර්ප්‍රීට් බ්‍රා, සර්ෆරාස් ඛාන් හා මොයිසස් හෙන්රික්ස් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන තිබුණේ.

  • RCB 164/7 (20)

බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සදහා ලකුණු 68ක සබදතාවයක් ගොඩ නැගීමට විරාට් කෝලි හා දෙව්දත් පඩක්කල් සමත් වුණා. කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාම දවා ගැනීම සදහා පංජාබ් ක්‍රීඩකයින්ට අවස්ථා කිහිපයක්ම ලැබුණ ද, එම අවස්ථා සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැහැ.

එමෙන්ම එක් අවස්ථාවකදී පඩික්කල් විසින් කඩුලු රකින ක්‍රීඩක කේ.එල් රාහුල්ට උඩ පන්දුවක් ලබා දී දැවී ගිය බවට පංජාබ් ක්‍රීඩකයින් කළ ඉල්ලීමක් විනිසුරු විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය යොදා ගැනීමට පංජාබ් පිල කටයුතු කළා. පුනරූපනවලදී දක්නට ලැබුණේ පන්දුව අත්ආවරණවල ගෑවී කඩුලු රකින්නා වෙත ළගා වූ බවයි. ඒ අනුව පිතිකරුවා දැවී ගිය අයෙකු විය යුතු බවට බොහෝ දෙනෙකු මත පල කළ ද , තෙවන විනිසුරු විසින් පඩික්කල් දැවී නොගිය අයෙකු ලෙසටයි නම් කළේ.

sinhala.hitwicket.lk/

මෙම ඉනිමේ දී කෝලි ලකුණු 25කට දැවී ගිය අතර, ඩෑන් ක්‍රිස්ටියන්ස් ඊළග පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ මොයිසස් හෙන්රික්ස් විසින්. අනතුරුව පඩික්කල් ලකුණු 40කට දවා ගැනීමට ද ඔහු සමත් වුණා.

ලකුණු 73ට කඩුලු 3ක් දැවී ගොස් තිබූ අවස්ථාවේ පිටියේ එක් වූ ග්ලේන් මැක්ස්වෙල් හා ඒ.බී. ඩිවිලියස් සිය කණ්ඩායම ලකුණු 164ක් දක්වා රැගෙන යාමට අවශ්‍ය පසුබිම සකසනු ලැබුවා.

ඉනිමේ 4 වන කඩුල්ල ලෙස ඩිවිලියස් ලකුණු 23කට දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 146ක්ව තිබියදීයි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ මැක්ස්වෙල් ලකුණු 57ක් ලබා ගත්තේ පන්දු 33ක් පමණක් වැය කරමින්. ඊට හයේ පහර 4ක් හා හතරේ පහර 3ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී මොයිසස් හෙන්රික්ස්ට අමතරව මොහොමඩ් ෂාමි ද කඩුලු 3ක් දවා ගත්තා.

  • Punjab 158/6 (20)
sinhala.hitwicket.lk/

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබා ගත්තේ ලකුණු 91ක් පළමු කඩුල්ලට එක් කරමින්. පළමු කඩුල්ල ලෙස කේ.එල් රාහුල් ලකුණු 39කට දැවී ගියා. නිකලස් පූරාන් ලකුණු 3යි.

මයාන්ක් අගාර්වල් ලකුණු 57ක් වාර්තා කළේ පන්දු 42කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමගින්.

ඒඩ්න් මාක්‍රම් ලකුණු 20ක් ද, ශාරුක් ඛාන් ලකුණු 16ක් ද, මොයිසස් හෙන්රික්ස් නොදැවී ලකුණු 12ක් ද ලබා ගත්තා. සර්ෆරාස් ඛාන් පළමු පන්දුවෙන්ම ලකුණු නොලබා දැවී ගියා.

පන්දු යැවීමේ දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ යුස්වේන්ද්‍ර චහෙල් ලකුණු 29කට කඩුලු 3ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...