කඩුලු 6ක ජයකින් කොල්කටා නයිට් රයිඩර්ස් අවසන් වටයේ බලාපොරොත්තු රදවා ගනියි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, මෙවර තරගාවලියේ 49 වන තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක ජයක් වාර්තා කරමින්.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු 12ක් ලබා ගනිමින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටීමට කොල්කටා පිල සමත්ව සිටිනවා.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

Sunrisers Hyderabad XI:

J Roy, W Saha, K Williamson, P Garg, A Sharma, J Holder, A Samad, R Khan, B Kumar, U Malik, S Kaul

Kolkata Knight Riders XI:

S Gill, V Iyer, N Rana, R Tripathi, E Morgan, D Karthik, S Narine, S Al Hasan, T Southee, V Chakaravarthy, S Mavi

  • SRH 115/8 (20)

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට මෙම තරගයේ දී ද සාර්ථක පිතිහරඹය නිරත වීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

sinhala.hitwicket.lk/

ඉනිමේ දෙවන පන්දුවෙන්ම ව්රිධිමන් සහා ලකුණූ නොලබා දැවී ගියේ ටිම් සවුති යොමු කළ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින්. එය විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ අභියෝගයට ලක් කිරීමට ඔහු තීරණය නොකළ අතර, පුනරූපනවලින් දක්නට ලැබුණේ අදාළ දැවී යාම සැබවින්ම දැවී යාමක් නොවන බවයි.

අනෙක් ආරම්භක පිතිකරු ජේසන් රෝයි ලකුණු 10කට දැවී ගියා. නායක කේන් විලියම්සන් පන්දු 21කින් ලකුණු 26ක් රැස් කළේ අලංකාර හතරේ පහර 4ක් ද සමගින්. ප්‍රියාම් ගර්ග් ලකුණු 21යි. අබ්දුල් සමාද් හයේ පහර 3ක් සමගින් ලකුණු 25ක් රැස් කළා. සෙසු කිසිදු පිතිකරුවෙකුට ලකුණූ 10 සීමාව පසු කර යාමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ටිම් සවුති, ශිවම් මාවී හා වරුන් චක්‍රවර්තී කඩුලු 2 බැගින් බිද හෙලුවා.

  • KKR 119/4 (19.4)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඉනිමේ නැංගුරම බවට පත් වූ ෂුබ්මන් ගිල් ලකුණු 57ක් රැස් කළා. හතරේ පහර 10කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට වැය වූ පන්දු ගණන 51ක්.

sinhala.hitwicket.lk/

ඔහුගේ අනෙක් ආරම්භක පිතිකරු වූ වෙන්කටේෂ් අයියර් ලකුණු 8කට දැවී ගිය අතර, රාහුල් ත්‍රිපාති රැස් කළේ ලකුණු 7ක් පමණයි.

නිටිෂ් රානා ලකුණු 25(33)ක් රැස් කළා.

දිනේෂ් කාර්තික් පන්දු 12කින් නොදැවී ලකුණු 18ක් ලබා කොල්කටා පිලට ජයග්‍රහනය තහවුරු කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.

රෂීඩ් ඛාන් හා සිද්ධාර්ත් කෝවුල් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...