රාහුල්ගේ සටන ශාරුක් ඛාන් සාර්ථකව නිම කරයි; පංජාබ් 5 වැනි තැනට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45 වන තරගයෙන් කඩුලු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම අද(1) සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

මෙම ජයත් සමගින් පංජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 6 වන ස්ථානයේ සිට 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේ තරගාවලියේ උණුසුම තවදුරටත් ඉහළ නංවමින්. කොල්කටා කණ්ඩායම තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැදී සිටිනවා.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක –

කාසියේ වාසිය දිනූ පංජාබ් කණ්ඩායමේ නායක කේ.එල් රාහුල් පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා පංජාබ් කණ්ඩායම වෙනස්කම් තුනක් සිදු කර තිබූ අතර, ඒ අනුව ක්‍රිස් ගේල්, මන්දීප් සිං හා හර්ප්‍රිට් බ්‍රර් වෙනුවට ෆේබියන් ඇලන්, මයාන්ක් අගාර්වල් හා ශාරුක් ඛාන් කණ්ඩායමට කැදවා තිබුණා.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දී කැදවා තිබුණේ ටිම් සෙයිෆර්ට් හා ශිවම් මාවී යන ක්‍රීඩකයින්. ඒ, ලුකී ෆර්ගියුසන් හා සන්දීප් වොරියර් වෙනුවටයි.

Punjab Kings XI: KL Rahul, M Agarwal, A Markram, N Pooran, D Hooda, F Allen, S Khan, N Ellis, R Bishnoi, M Shami, A Singh

Kolkata Knight Riders XI: S Gill, V Iyer, N Rana, R Tripathi, E Morgan, D Karthik, T Seifert, S Narine, T Southee, V Chakaravarthy, S Mavi

  • KKR 165/7 (20)

පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා පිල කඩුලු 7ක් දැවී ලකුණු 165ක් රැස් කළේ ආරම්භක පිතිකරු වෙන්කටේෂ් අයියර් වාර්තා කළ අර්ධ ශතකයෙන් සවිමත් වෙමින්. ඔහු පන්දු 49කින් ලකුණු 67ක් ලබා ගත්තා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 9ක් සමගින්.

පළමු කඩුල්ල ලකුණු 18දී බිද වැටීමෙන් පසුව (ෂුබ්මන් ගිල් ලකුණු 7ක් ලබා සිටියදී) දෙවැනි කඩුල්ල වෙනුවෙන් අයියර් හා රාහුල් ත්‍රිපාති අතර ලකුණු 72ක සබදතාවයක් ගොඩ නැගුණා. ත්‍රිපාති ලකුණු 34(26)යි. නිටිෂ් රානා පන්දු 18කින් වේගවත් ලකුණු 31ක් ලබා ගත්තා.

නායක ඔයින් මෝර්ගන් මෙම තරගයේ දී ද අසාර්ථක වූ අතර, ඔහු රැස් කළේ ලකුණු 2ක් පමණයි. දිනේෂ් කාර්තික් ලකුණු 11කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අර්ෂ්දීප් සිං ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තා. රවී බිෂ්නෝයි ලකුණු 22කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

  • Punjab Kings 168/5 (19.3)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී ජයග්‍රහනය වාර්තා කළේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 70ක සබදතාවයක් ගොඩ නැගීමට කේ.එල් රාහුල් හා මයාන්ක් අගාර්වල් සමත් වුණා. අගාර්වල් ලකුණු 40(27)ක් රැස් කළා. එම ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් ඇතුළත්. නිකලස් පූරාන් රැස් කළේ ලකුණු 12ක් පමණයි. ඒඩ්න් මාක්‍රම් ලකුණු 18ක් රැස් කළ අතර, දීපක් හූදා ලකුණු 3කට දැවී ගියා.

කේ.එල් රාහුල් ඉනිමේ අවසන් පන්දුවාරයේ දෙවැනි පන්දුවට දැවී ගියේ තරගයේ අවසානයට තවදුරටත් තියුණු මුහුණුවරක් එක්කරමින්. ඒ වන විට රාහුල් ලකුණු 67ක් ලබා සිටියා. පන්දු 55කින් වාර්තා වූ පංජාබ් නායකයාගේ එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත්. ඔහුගේ දැවී යාමෙන් පසුව පංජාබ් කණ්ඩායම තරගය ජය ගැනීමටනම් පන්දු 4ක් තුළ ලකුණු 4ක් ලබා ගත යුතුව තිබුණා.

ඔහුගේ දැවී යාම හමුවේ වුව ද තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දීමට ශාරුක් ඛාන් සමත් වුණේ අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින්. එම පහර ද උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට රාහුල් ත්‍රිපාතිට අවස්ථාවක් උදා වුවද එය සාර්ථක කර ගැනීමට ඔහුට හැකි වූයේ නැහැ.

පන්දු 9කින් ලකුණු 22ක් වාර්තා වූ ශාරුක්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේ වරුන් චක්‍රවර්තී ලකුණු 24කට කඩුලු 2ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...