දිල්ලි කැපිටල්ස් අවසන් වටයට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) තේරී පත් වූ දෙවැනි කණ්ඩායමට බවට පත් වීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, සිකුරාදා (1) පැවැති මෙවර තරගාවලියේ 45 වන තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්වීම හේතුවෙන්.

මේ වන විට දිල්ලි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 16කට හිමිකම් කියමින්.

ඒ අනුව ඉදිරියේ දී දිල්ලි කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත තරග තුනම ඔවුන් පරාජයට පත් වුවද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ වන විට උදා වී තිබෙනවා.

ඒ, ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු 16 සීමාවට ළගා වීමට මේ වන විට හැකියාව පවතින්නේ මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම්වලට පමණක් වීම හේතුවෙන්.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ද අවසන් වටයේ ස්ථානයක් මේ වන විටත් හිමි කර ගෙන අවසන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...