හර්ඩික් පාන්ඩ්යා සම්පූර්ණයෙන් අසරණ කළ අවේශ්ගේ සුපිරි යෝකර් පන්දුව

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 46 වන තරගයේදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද(2) සමත් වුණා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පනදුවට පහරදුන් මුම්බායි කණ්ඩායමට කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 129 ක් පමණයි.

දිල්ලි පිල වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ අවේශ් ඛාන් සිය පන්දුවාර 4 අවසන් කළේ ලකුණු 15 කට කඩුලු 03 ක් සිය නම ඉදිරියේ සටහන් කර ගනිමින්.

ඔහුගේ පන්දු යැවීම හමුවේ දැවී ගියේ රෝහිට් ෂර්මා, හර්ඩික් පාන්ඩ්යා සහ නේතන් කොල්ටර් නයිල්.

ඉනිමේ 19 වන පන්දු වාරයේ පළමුවන පන්දුවට හර්ඩික් පාන්ඩ්යා දවා ගැනීමට ඔහු යොමු කළ විශිෂ්ඨ යෝකර් පන්දුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත්වුණා.

ඒ මොහොත වන විට ලකුණු 17 ක් ලබා සිය ඉනිම වේගවත් කිරීමට උත්සාහ ගනිමින් සිටි පාන්ඩ්යාට අවේශ් ඛාන් යොමු කළ සුපිරි යෝකර් පන්දුව කඩුල්ලේ වැදීම වලක්වා ගැනීමට කිසිසේත්ම අවස්ථාවක් ලැබුණේ නැහෑ.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...